(යොහාන් භාසුර)
භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට වරදකරු වී මරණ දඩුවම නියමවී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී හදිසි අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බබන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.
දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවක රැදවීමට පසුගිය 10 වැනිදා කටයුතු කළ බවත් එහි රදවා සිටියදී හදිසියේ ඇති වු සංකූලතාවයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ නිර්දේශ අනුව 11 වැනිදාි අළුයම 2.00 ට පමණ කොළඹ ජාතික රෝහලට යොමු කළ බවත් දිසානායක මහතා කීය.