
(මහින්ද නිශ්ශංක)
අද දින ක්‍රියාත්මක වූ වෘත්තීය ක්‍රියාමර්ගය හේතුවෙන් ඉන්ධන ප්‍රවාහනය සම්පූර්ණයෙන් ම ඇණ හිට ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් පැවැසීය.
දිනකට ගුවන්යාන ඉන්ධන රැගත් දුම්රිය හතරක් කොලොන්නාවෙන් පිටත්වන අතර මඩකළපුව, ගාල්ල, අනුරාධපුරය සහ පේරාදෙණියට තවත් ඉන්ධන දුම්රිය රැසක් ධාවනය කරවන බව ද එම ප්‍රකාශකයා කියා සිටියේය.

