දුම්රියටත් කෙටි දුරකතන අංකයක්


(ඩයනා උදයංගනී)

දුම්රිය මගීන්ගේ පහසුව සඳහා 1971 කෙටි දුරකතන අංකය හඳුන්වා දී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය මගීන්ට හදිසි අවස්ථාවකදී පැමිණිලි කිරීම සහ දුම්රිය සම්බන්ධ තොරතුරු ලබාගැනීම සඳහා ද මෙම දුරකතන අංකය භාවිතා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.