(බිඟුන් මේනක ගමගේ)
ප්‍රවාහන අමාත්‍යවරයා සකස්කර ගත් ලේඛනයකට අනුව අලුතින් බඳවාගත් දුම්රිය කාර්යය සහායකයින්ට ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය කරන බවට දුම්රිය වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරයි.
වසර පහකට අධික කාලයක් තිස්සේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන අනියම් ආදේශක තාවකාලික හා කොන්ත්‍රාත් පදනමින් බඳවා ගෙන ඇති සේවකයින් ස්ථීර නොකර මෙසේ පත්වීම් කිරීමෙන් දුම්රිය සේවය පවත්වාගෙන යාමට බාධා පැමිණෙන්නේ යැයි ද එම සන්ධානයේ සමකැඳවුම්කරු එස්.පී විතානගේ මහතා පවසයි.
ජනාධිපතිවරයා විසින් දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලද්දේ මෙවැනි තත්ත්ව ගැන සොයා නොබලමින් යැයි ද ඇමැතිවරයාගේ අනිසි පත්වීම් ප්‍රදානයට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාම පවා මෙම ගැසට් නිවේදනය මගින් වළක්වා ඇතැයි ඒ මහතා කියයි.
ඒ අනුව මෙලෙසින් ගැසට් නිවේදන නිකුත් කිරීම දුම්රිය සේවකයින්ගේ ප්‍රශ්නවලට විසඳුමක් නොවන බව දුම්රිය වෘත්තීය සමිති ලෙස තමන් පෙන්වා දෙන්නේ යැයි ද ඉන් ජනාධිපතිවරයාත් නීතියත් දෙකම එකවිට අවතක්සේරු වන්නේ යැයි ද දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

