දුම්රිය වෘත්තීය සමිති - ඇමැති අනු කමිටු අතර සාකච්ඡාවක්


(මහින්ද නිශ්ශංක)

දුම්රිය වැඩ වර්ජනයට එක්ව සිටින වෘත්තීය සමිති හා ජනාධිපති පත්කළ ඇමැති අනු කමිටුව අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (30) පස්වරු 3.00 ට මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්වේ.

දුම්රිය වර්ජනයට දින පහක් ගතවන අද (30) පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී සුබදායක විසඳුමක් නොලැබුණොත් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් ජනක ප්‍රනාන්දු මහතා පැවසීය.