
(යොහාන් භාසුර)
දුම්රිය ප්‍රවේශපත් විද්‍යුත් ක්‍රමයට නිකුත් කිරීමේ ව්‍යාපෘතිය විදේශ සමාගමකට ලබාදීමට විරෝධ පළකරමින් දුම්රිය එංජින් රියදුරන් හදිසියේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.
දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය අද පෙරවරුවේ මෙම වර්ජනය ආරම්භ කරන විට ඇතැම් දුම්රිය ගමනාන්තයට පැමිණ නොතිබුණි.
මෙම වැඩවර්ජනය හේතුවෙන් ඇතැම් දුම්රිය අතරමඟ නවාතා තැබීමෙන් ජනතාවට මඟ රස්තියාදු වීමට සිදුව ඇති බවට චෝදනා එල්ල වේ.

