දුම්රිය වර්ජනය අවසන්


(යොහාන් භාසුර)

දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය අද (30) පෙරවරුවේ ආරම්භ කළ දුම්රිය වර්ජනය අවසන් කළ බව එම සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා පවැසීය.

දුම්රිය ප්‍රවේශපත් විද්‍යුත් ක්‍රමයට නිකුත් කිරීමේ ව්‍යාපෘතිය විදේශ සමාගමකට ලබාදීමට විරෝධ පළකරමින් මෙම වර්ජනය ආරම්භ කළ බවත් ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව වර්ජනය අවසන් කළ බවත් දොඩන්ගොඩ මහතා පැවසීය.