දුම්රිය වර්ජනය අත්හිටුවයි


(මහින්ද නිශ්ශංක)

 
අද (9) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කිරිමට තිබූ පැය 48ක වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර් රියදුරු සංගමයේ ප්‍රධාන  ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.

දුම්රිය රියදුරු, නියාමක, ස්ථානාධිපති, පාලක හා දුම්රිය අධීක්ෂණ කළමණාකරුවන් මෙම වැඩවර්ජනයට එක්වීමට නියමිතව තිබිණි.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා  මසක් ඇතුළත වැටුප් ගැටලුවට විසඳුම් දෙන බවට පොරොන්දු වීමත් සමඟ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දොඩන්ගොඩ මහතා කීවේය.