(රංජන් කස්තුරි)
දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක වන ‘‘දුම්රිය නිලැඳුම් සේවා අර්ථසාධක අරමුදල්‘‘ කාර්යාලයේ ලිපිකරුවන් අතිකාල වංචාවක නිරත වන බවට එහි පාලක කමිටුව චෝදනා කරයි.
ඇතැම් ලිපිකරුවන් අතිකාල සීමාකිරීමට විරෝධය දැක්වීමක් ලෙස මේ වන විට ඔවුන් සමාජිකයින්ගේ කටයුතු හිතාමතා පමාකරන බවද ඔවුහු කියති.
මේ අතර දුම්රිය සමාන්‍යාධිකාරීවරයා එම ලිපිකරුවන්ගේ අතිකාල සීමාකරමින් හා තවත් උපදෙස් ලබාදෙමින් ඉකුත් දා චක්‍රලේඛනයක්ද නිකුත් කර තිබේ.

