(මහින්ද නිශ්ශංක)
අද රාත්‍රී ධාවනය වීමට නියමිතව තිබූ කොළඹ -බදුල්ල, කොළඹ - ත්‍රිකුණාලය, කොළඹ කන්කසන්තුරේ, රාත්‍රි තැපැල් දුම්රියන් තාවකාලිකව අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
මීට අමතරව කොළඹ - වේයන්ගොඩ, කොළඹ - මීරිගම, කොළඹ අඹේපුස්ස, කොළඹ පානදුර, ගාල්ල - අලුත්ගම සහ අලුත්ගම - ගාල්ල දුම්රියන් කීපයක් ද අවලංගු කළ බව ද පවසයි.
දුම්රිය මගීන්ගේ අඩුවක් දක්නට ලැබුණු නිසා මෙම පියවර ගත් බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

