(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දුම්රිය අනතුරුවිලින් ඊයේ (18) දින පුද්ගලයන් තිදෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
බූස්ස සහ ගිංතොට අතරදී අවුරුදු 60ක පුද්ගලයකු ද ,පුත්තලම සිට කොළඹ බලා ගමන් ගත් දුම්රියක ගැටීමෙන් වයස අවුරුදු 71 ක පුද්ගලයකු ද හා හබරාදුව තල්පෙ මිහිරිපැන්න ප්‍රදේශයේ දී කාන්තාවක ද දුම්රියේ ගැටීමෙන් මියගොස් ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
රත්ගම පුත්තලම හා හබරාදුව පොලිසි මගින් අනතුරු සම්බන්ධයෙන් පරීක්ෂක පරීක්ෂණ පවත්වයි.