(අංජුල මහික වීරරත්න)
දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ (NATA) නව සභාපතිවරයා ලෙස වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පත් කර තිබේ.
වෛද්‍ය ආනන්ද රත්නායක මහතා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ (NATA) කළමනාකරණ මණ්ඩලයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලද අතර, ඉන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් වෛද්‍ය ආනන්ද රත්නායක මහතා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ (NATA) සභාපතිවරයා ලෙස පත් කරමින් ඊට අදාළ පත්වීම් ලිපිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ප්‍රදානය කළේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ද සහභාගී විය.
වෛද්‍ය ආනන්ද රත්නායක මහතා කීර්තිමත් අධ්‍යාපනික හා සෞඛ්‍ය සේවා වෘත්තිකයෙක් වන අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ ඡ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කරනු ලබයි.