දීඝවාපිය චෛත්‍ය පරිශ්‍රයේ කැනීම්වලින් ඉපැරණි ශිලා ලේඛනයක් හමුවෙයි


(නවරත්න සමරතුංග)
 
ඵෙතිහාසික දීඝවාපිය චෛත්‍ය පරිශ්‍රයේ ‍මේදින වල සිදුකරන සංවර්ධන කටයුතු වලදී එහි කැණීම් අංශයට ක්‍රිස්තු වර්ෂ 1 සහ 2යන සියවස් වලට අයත් බව සැලකෙන දුර්ලභ ගණයේ තොරතුරු සඳහන් ශිලා ලේඛනයක් අද (03) හමුවී ඇති බව අම්පාර පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලය පවසයි.
 
දීඝවාපිය පුදබිමෙන් මෙතෙක් හමුවී තිබෙන පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ඉපැරණි පුරාවස්තු වලට වඩා  මෙය බෙහෙවින් පැරණිතම ශිලා ලේඛනයක් වීම විශේෂත්වයත් බව කියති. සලපතල මළුවෙහි සවිකර තිබුණ ගල් සමග අඩි එකහමාරක් පමණ වූ ප්‍රමාණයෙන් යුත් මෙහි අක්ෂර සඳහන් ව ඇත.
 
මෙහි විද්යුත් ඡායාරූප කොළඹ පුරාවිද්‍යා දෙපාර්ත‍මේන්තුවේ අභිලේඛන නාලක විද්‍යා අංශය වෙත යවා එහි සහකාර අධ්‍යක්ෂ නාමල් කොඩිතුවක්කු මහතාගේ විශ්ලේෂනයට යොමු කර ඇත.

ඒ අනුව මෙම ඵලකයේ සඳහන්ව ඇති අක්ෂර පරිණාමය අනුව මෙය ක්‍රිස්තු වර්ෂ එක සහ දෙක යන සියවස් වලට අයත් බවට නිගමනය කරගෙන ඇත.

පසුගිය 29 දින  මෙහි දකුණු වාහල්කඩ ප්‍රදේශයේ කැණීම් සිදු කරන විට හමුවූ පබළු විශේෂය  සොයාගත් ස්ථානයට යාබදව සලපතල මළුවට අයත් කොට‍සේ මෙම ඵලකය හමුවී ඇත.