දී ඇල් ඔයේ මළ සිරුරක්


(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි )

හීන්දෙනිය-පට්ටිගොඩ ප්‍රදේශයේ දී ඇල් ඔයේ තිබී තරුණ මළසිරුරක් අද( 23) සොයාගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි තරුණයකු බවට අනාවරණය කරගත් බව ද පොලිසිය සඳහන් කරයි.

 බෙම්මුල්ල කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක හර්ෂණ මාරසිංහ මහතා ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් පසු දේහය පශ්චාත් මර පරීක්ෂණය සඳහා මතුපිට රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කරයි