(නිමන්ති රණසිංහ)
කොරෝනා වයිරසය ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තාව වූ ප්‍රදේශ කිහිපයක් අද පෙරවරුවේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි.
ඒ අනුව යාපනය, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක 3ක අයත් ගම්මාන කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර ඇත.
යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් පොලිස් බලප්‍රදේශයේ, කරෛයිනගර් ග්‍රාම සේවා වසමේ කල්ලිත්තේරු කොටස සහ කලවන්තාලව් කොටස ද මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර පොලිස් බලප්‍රදේශයේ, සුදුහුම්පල බටහිර ග්‍රාම සේවා වසමේ වෙළමැද පාරගම ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බලප්‍රදේශයේ, ඩන්සිනන් ග්‍රාම සේවා වසමේ මැද කොටස එසේ හුද කලා කර ඇත.

