
(ඩයනා උදයංගනී)
පවතින වැසි සහිත කාලගුණ තත්වය සමඟ දිස්ත්‍රික්ක හයක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල මෙම අවදානම මතුව තිබෙන බව එම සංවිධානය නිකුත් කළ පෙර අනතුරු ඇඟවීමේ නිවේදනයේ දැක්වේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, ගාල්ල, ඇල්පිටිය, නාගොඩ, නෙළුව, බද්දේගම, තවලම සහ යක්කලමුල්ල කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, අගලවත්ත, වලල්ලාවිට, බුලත්සිංහල, පාලින්දනුවර, ඉංගිරිය, මතුගම සහ දොඩංගොඩ, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ සහ දෙහිඕවිට, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, රත්නපුර, නිවිතිගල, කලවාන, අයගම, කුරුවිට, ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලත් මෙම අවදානම මතුව ඇති බව එහි සඳහන් වේ.
එම ප්‍රදේශවල නායයෑම් පූර්ව ලක්‍ෂණ පවතින ප්‍රදේශවල, කඳු හා බෑවුම් ආශ්‍රිතව ජීවත්වන ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බවත් එම සංවිධානය කියයි.

