(සමන් පාලිත නානායක්කාර)
කොස්ලන්ද ඌව මාවෙලගම තමිල්නාඩුව ප්‍රදේශයේ මවක අද (02 ) සිය දියණියන් දෙදෙනාව ගෙල වැලලා ගැනීමට සලස්වා, ඇයද සියදිවි නසාගෙන ඇතැයි කොස්ලන්ද පොලීසිය කියයි.
එක් දියණියකගේ දිවි බේරී ඇති අතර අනෙක් දියණිය එම ස්ථානයේදීම මියගොස් ගොස් ඇති බව පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ දිලානි මන්ජු නමැති 20 හැවිරිදි මවක සහ අවුරුදු 2 ක දියණියකි. අවුරුදු 3 හමාරක් වයසැති දියණියගේ දිවි බේරී ඇත.
එම මව නිවසේ බාල්කයක සාරියකින් එල්ලී සියදිවි නසා ගෙන ඇති බව පොලීසිය කියයි.
සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බව කොස්ලන්ද පොලීසිය කියයි.

