(අංජුල මහික වීරරත්න)
දහම් පාසල් ගුරුවරුන් සඳහා රජයෙන් දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2026 වසරේ සිට ඉදිරියට බෞද්ධ ,හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි හා කතෝලික ආගම් වලට අයත් ලියාපදිංචි දහම් පාසල් සඳහා එක් වසරක අඛණ්ඩ සේවා කාලයක් සපුරන ගුරු භවතුන්ට ගුරු දීමනාව හා නිල ඇඳුම් දීමනාව ඇතුළත් කොට වසරකට එක් වතාවක් රුපියල් 7500 ක් ලබා දීමට බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.