
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දවස් හතට රටේ ණය තොගය බිලියන 300කින් වැඩි වී ඇතැයි පත් කළ මන්ත්‍රී රවී කරුණානායක මහතා:- (න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
කරුණානායක මහතා මේ බව කීවේ බලශක්ති අමාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමිනි.
"2025 වසර වන විට ගිගා වොට්16500ක් රටේ ජනනය වෙනවා.2030 වසරේදී මේ මට්ටමම 240000 දක්වා වැඩි කර ගැනීමට පුරෝකථනය කර තිබෙනවා.2050 වන විට ඒ අගය ගිගා වොට් 45000 මට්ටමකට පැමිණීමට නියමිතයි.
අප භයානක තත්ත්වයකට පිළිතුරු සෙවිය යුතුව තියෙනවා.අයවැය ඉදිරිපත් කරන දවසේ ඩොලරය රුපියල් 300 මට්ටමේ තිබුණා.මේ කතා කරන මොහොතේ එල් සී එකක් අරින්න නම් ඩොලරය 312 කට පමණ වැඩි වී තියෙනවා. මේ දවස් 7න් අප රටේ ණය තොගය බිලියන 300කින් වැඩි වී තියෙනවා. මේ තත්ත්වය අපේ ආයෝජනයට මොන අන්දමින් බලපානවාද කියා සිතිය යුතුයි.
විදුලි බල ඒකකයක් විකුණන මිල ඉතා වැදගත් කාරණයක්.ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය වැනි රටවල විදුලි ඒකකයක මිල රුපියල් 16-20 අතර අගයක තියෙනවා.තායිලන්තය මැලේසියාව වැනි රටක එම අගය 22ක් පමණ වෙනවා.නමුත් ලංකාවේ විදුලි ඒකකයක මිල පවතින්නේ 24-25ක් මට්ටමකයි යනුවෙන් ද රවී කරුණානායක මහතා කීය.

