දරුවෝ හතළිස් තුනක් සයිබර් අතවරයට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

2024/2025  වසර වල සයිබර් අවකාශය තුළ වයස අවුරුදු 18 අඩු දරුවන් 43 කු ලිංගික අතවරයන් වලට ලක්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර්  මහතා පැවසීය.

එය පසුගිය වසරට හා සාපේක්ෂව බැලීමේදී මෙම වසරේ 50% වැඩිවීමක් බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

2024 වසරේ වයස අවුරුදු 18 ට අඩු  දරුවන් 15 කු හා 2025 වසරේ වයස අවුරුදු 18 ට අඩු දරුවන් 28 කු ලිංගික අතවරයට පත්ව ඇතැයිද ඔහු කීය.

මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේද කීය

2024 වසරේදී දරුවන් 282  කු මත්ද්‍රව‍ය  සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇතැයිද 2025 වසරේදී දරුවන් 206 කු  අත්අඩංගුවට ගෙන ඇතැයිද හෙතෙම කීය. 2024 වසරේ කාන්තාවන් 375 ලිංගික අතවරයට පත්ව ඇතැයිද ඊට සම්බන්ධ සැකකරුවන් 114 කු අත්අඩංගුවට ගෙන ඇතැයිද 2025 වසරේ මේ දක්වා කාන්තාවන් 118 කු ලිංගික අතවරයට පත්ව ඇතැයි    මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.