(රාස්සගල සම්පත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක ජේ. හෙට්ටිආරච්චි)
සිය 3 හැවිරිදි දරුවාට කුරීරු ලෙස පහර දීමට තැත්කළ පියෙකු මේ මස (28) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් එමි.එන්.එස්. මැණිකේ මහත්මිය අද (25) නියෝග කළාය.
මොහු බලංගොඩ නගරය ආසනයේ පදිංචිකරුවෙකි. මොහුගේ බිරිඳ මීට මාස 6කට පෙර විදේශගත වී තිබෙන බවද පොලිසිය කියයි.
සිය 12 හැවිදිරි දැරිය සහ 3 හැවිරිදි දරුවා මෙම පියා සමග ජීවත් වී තිබේ. ඊයේ (24) දා බලංගොඩ නගරයේ දොරවෙල පාලම අසලදී තුන්හැවිරිදි දරුවාට පියා විසින් පහර දී පාලම පහළට දැමීමට උත්සාහ කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි දුරකතන අංකයට ලැබුණු තොරතුරකට අනුව සැකකාර පියා අත්අඩංගුවට ගැනිණි.
මේ අතර දරුවන් දෙදෙනාද බලංගොඩ පොලිසිය විසින් පරීක්ෂණ සඳහා පොලිස් භාරයට ගෙන මහෙස්ත්‍රාත්වරියගේ නියෝගමත මේ මස 28 දක්වා රැක බලාගැනිීම සඳහා නැන්දනියට බාරදෙන ලදී.
බලංගොඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

