
(එම්.සුසිල් ප්‍රියන්ත සහ ඩි.ජේ.විජේසිංහ)
මෙවර අලුත් අවුරුද්දට සිය දරු පවුල් සදහා කෑමට බිමට දෙයක් නැතැයි කියමින් අද (12) පුද්ගලයින් දෙදෙනෙකු පිටිගල බස් නැවතුම් පොළ ඉදරිපිට බිම නිදාගෙන විරෝධය පෑහ.
ඔවුන් දෙදෙනාගේ මෙම විරෝධය හේතුවෙන් පිටිගල -ඇල්පිටිය මාර්ගයේ රථ වාහන ධාවනයට ද බාදා එල්ලවී තිබිණි.
පසුව පිටිගල පොලිසියේ නිලධාරින් පැමිණ ඔවුන් දෙදෙනා මාර්ගයෙන් ඉවත් කිරීමට පියවර ගත්තේය.
ඔවුන් දෙදෙනා බිමත්ව මෙසේ හැසුරුනේ දැයි යන්න පරික්ෂා කිරිමට පරීක්ෂණයක් ආරම්භ කළ බව පිටිගල පොලිසිය සඳහන් කළේය.
(ඡායාරූප: එම්.සුසිල් ප්‍රියන්ත)


