(රංජිත් රාපක්ෂ සහ ජවුෆර් ඛාන්)
නාවලපිටියේ දි සහ වාකරේ ප්‍රදේශයේ දි දරුවන් දෙදෙනකු සිදු වූ අනතුරු දෙකකින් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
නාවලපිටිය මොන්ටික්‍රිස්ටෝ වත්තේ නව හැවිරිදි දරුවකු නිවෙසේ බැඳ තිබූ ඔන්ච්ල්ලාවකට ගෙල සිරවිමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි.
නිවසේ සිටින වෙනත් පුංචි දරුවකුට බැඳ තිබූ ඔන්ච්ල්ලාවක සෙල්ලම් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. මේ අතර වාකරේ කට්ටමුරි කැලෑ ප්‍රදේශයේ බඳන තුවක්කුවක් පත්තු වී 14 හැවිරිදි දරුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මියගිය දරුවා තම ඥාතින් පිරිසක් සමග දඩයමේ යද්දි ඔවුන් රැගෙන ගිය බඳින තුවක්කුව පත්තු වි වෙඩි වැදී මෙම මරණය සිදුව ඇති බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් මියගිය දරුවා සමග දඩයමේ ගිය 24, 28 සහ 32 දෙහැවිරිදි තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

