(සුජිත් හේවාජුලිගේ)
ඉන්ෆ්ලුවන්සා රෝගය දරුවන් අතරේ වැඩියෙන් පැතිර යන ප්‍රවණතාවක් මතුව ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.
උණ,කැස්ස, වමනය සහ සෙම්ප්‍රතිශ්‍යාව ඉන්ෆුලුවන්සා රෝගයේ ප්‍රධාන ලක්ෂණ බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා වැසි සහිත කාලගුණය සහ සීතල රෝගය පැතිර යාමට ප්‍රධාන හේතුවක් බවද ප්‍රකාශ කළේය.
මෙවැනි රෝග ලක්ෂණ සහිත දරුවන් සිටී නම් පාසල් සහ දිවා සුරකුම් සුරකුම් මධ්‍යස්ථානවලට යොමු කිරීමෙන් වළකින ලෙස දීපාල් පෙරේරා මහතා මවුපියන්ගෙන් ඉල්ලීමක් කළේය.
විශේෂයෙන්ම මෙම රෝග ලක්ෂණ පවුල අතර පැතිර යා හැකි බවද ඔහු කීවේය.
මේ අතර දරුවන් අතරේ කොව්ඩ් රෝගය පැතිරීමේ පැහැදිලි අඩුවක් දක්නට ඇතැයි විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

