දත්ත මැකූ ඉංජිනේරුවාට අදත් ඇප නෑ


(නිමන්ති රණසිංහ)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව විනාශ කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ‘එපික් ලංකා ටෙක්නොලොජි පුද්ගලික සමාගමේ’ සහායක ඉංජිනේරුවරයා ඇප මත මුදා හරින ලෙසට කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (06) ප්‍රතික්ෂේප කළේය.

මෙම අවස්ථාවේදී සැකකරු ඇප මත මුදා හළ හොත් විමර්ශනවලට බාධා සිදුවිය හැකි බවට පැමිණීල්ල කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ලබන 18 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත භාරයේ තැබීමට නියම කළේය.

එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පෙරකදෝරුවත්ත, හීරලුගෙදර, වල්පිට පදිංචි රාමනායක ආරච්චිගේ දොන් ප්‍රමෝද් දිලුප රාමනායක නැමැත්තාය.