දඬුවම් කළැයි සිසුවා මානව හිමිකම් යයි


 

(යොහාන් භාසුර)

කොළඹ රාජකීය විදුහලේ සිසුවකුට එම විදුහලේ ගුරුවරුන් දෙදෙනෙක් පහර දුන් බවට ලැබුණු පැමිණිල්ලකට අනුව එම විදුහලේ විදුහල්පතිවරයා සහ අදාල ගුරුවරු දෙදෙනා කැඳවා ප්‍රකාශ ලබාගැනීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

එම විදුහලේ 11 වැනි ශ්‍රේණියේ සිසුවකුට ගුරුවරු දෙදෙනෙක් අමානුෂික ලෙස පරාදීමක් කර ඇති බවට පැමිණිල්ලක් ලැබුණු බවත් පහර කෑමට ලක්වූ සිසුවා කොළඹ ජාතික රෝහලට ඇතුළත්වී ප්‍රතිකාර ලබා ඇති බවත් එම කොමිෂම වැඩි දුරටත් කීය.