දකුණු අප්‍රිකාවේ ලොක්කෙක් කතානායක හමුවෙයි


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් එඩ්වින් ෂාක් මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  පාර්ලිමේන්තුවේදීපසුගියදා (28) හමුවිය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ද  සහභාගීවිය

දෙරටේ  පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගම් හරහා ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීම පිළිබදවද මෙහිදී සාකච්ඡා කෙරුණු බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.