(යොහාන් භාසුර)
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 20 වැනි තරගය ලෙස මුම්බායිහිදී අද (21) පැවැති තරගයේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ලකුණු 229 කින් එංගලන්තය පරාජය කරමින් දැවැන්ත ජයක් ලැබීමට සමත් වූහ.
මෙය දකුණු අප්‍රිකාව තරග 4 කදී ලැබූ තෙවැනි ජයග්‍රහණය වන අතර දකුණු අප්‍රිකාව මෙම ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානය දක්වා උසස්වීම් ලැබීය.
දකුණු අප්‍රිකානු පිල ඕවර 50 යෙදී කඩුලු 7 ට 399 (රීෂා හෙන්ද්‍රික් 85, රෙසල් වෑන්ඩර් ඩුසේන් 60, ඒඩන් මක්‍රම් 42, හෙන්රිච් ක්ලාසීන් 109, මාකෝ ජැන්සන් නොදැවී 75, රේෂී ටොප්ලි 88/3, ගුස් ඇට්කින්සන් 60/2, අදිල් රෂීඩ් 61/2) එංගලන්ත පිල ඕවර 22 කදී සියලු දෙනා දැවී 170 (මාක් වුඩ් නොදැවී 43 , ගුස් ඇට්කින්සන් 35, ජෙරල්ඩ් කොයිට්ෂි 35/3)

