
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් අද (10) රාත්‍රී 9.15ට පමණ කොට්ටාව කිලෝමීටර් 3 කණුව අසලදී හදිසියේ ගිනි ගැනීමට ලක් වීමෙන් සම්පූර්ණම විනාශ වී ඇතැයි අධිවේගී මාර්ග රථවාහන පොලිසිය කියයි
කොට්ටාව සිට ගැලණිගම දෙසට පැමිණෙමින් තිබූ වෑන් රථයේ ඉදිරිපසින් එකවරම දුමාරයක් හටගෙන ඇති අතර මද වේලාවකින් ගින්න හටගත් බව එහි රියැදුරු පොලිසියට ප්‍රකාශ කර ඇත
වෑන් රථයේ සිට ඇත්තේ රියදුරු පමණක් බවත්, ගින්නෙන් රුපියල් ලක්ෂයක් පමණ අඩංගුව තිබූ ඔහුගේ මුදල් පසුම්බියද සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු යෙදිණි
ගින්න ඇතිවන ඇති වන අවස්ථාවේදී කඩුවෙල දෙස සිට ගාල්ල දෙසට ගාව ධාවනය වූ වාහන වලට තරමක බාධාවක් ද ඇති විය
ගින්නෙන් වෑන් රථ රියදුරුට කිසිදු තුවාලයක් සිදුවී නැත
දක්ෂිණ අධිවේගේ රථවාහන පොලිසිය පරීක්ෂණ පවත්වයි



