දංකොටුව මාළු වෙළඳ සංකීර්ණය වසාදමයි


(හේමලතා ඩී හේවගේ)      
                                        
දංකොටුව පොදු මාඵ වෙළඳ සංකීර්ණය අද දහවල් (24) වසා දැමීමට දංකොටුව මහජන සෞබ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව එක්ව පියවර ගනු ලැබීය.
      
පෑලියගොඩ මාළු වෙළඳපොළෙන් දංකොටුව ප්‍රදේශයට මාඵ ප්‍රවාහනය කරන ලොරිරථ රියදුරකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතිබවට තහවුරුවීමත් සමග මෙම පියවර ගෙන තිබේ. දංකොටුව - ඇටියාවෙල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි මෙම රියදුරුට කොරෝනා වයිරසය ආසදනය වී ඇති බවට ඊයේ 23 රාත්‍රී වාර්තාවීමත් සමග මෙම පියවරගත් බව සඳහන්වේ.                   
 
මෙහිදී පෑලියගොඩ වෙළඳපොළෙන් මාඵ රැගෙන ඒමට ගිය දංකොටුව මාඵ වෙළඳ සංකීර්ණයේ වෙළඳුන් 8 ක් ඇතුඵ සෙසු වෙළෙදුන්ද නිරෝධායනය කර ඇති අතර ඔවුන්ගෙන් 5 දෙනෙකුගේ පී සී ආර් පරීක්ෂණ මේ වනවිට සිදුකර ඇත. ඉතිරි පිරිසගේ පී සී ආර් පරීක්ෂණ 27 වෙනිදින කිරීමට නියමිත බවද දංකොටුව සෞබ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙම පුද්ගලයින් ගමන්කල බව පැවසෙන දංකොටුව නගරයේ පිහිටි වෙළඳසැල් 02 ක් වසාදැමීමට මහජන සෞබ්‍ය පරීක්ෂකවරු අද 24 කටයුතුකළහ.