(නිමල කොඩිතුවක්කු)
බෝම්බ පිපිරීම හේතුවෙන් මෙතෙක් තොරතුරු සොයා ගැනීමට නොහැකි වූවන් පිළිබඳව ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය කාර්යාලය වෙත පැමිණ ඒ පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙසට කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා දන්වා සිටී.
ඒ සම්බන්ධව තොරතුරු කොළඹ 10, ප‍්‍රැන්සිස් පාරේ , අංක 111 දරන ස්ථානයේ පිහිටි අධිකරණ වෛද්‍ය හා විෂ වෛද්‍ය ඒකකය වෙත දැනුම් දෙන ලෙසද ඒ මහතා සඳහන් කරයි.
එසේම මේ සඳහා පවුලේ ලඟම ඥාතීන් පමණක් පැමිණෙන ලෙසද ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියි.

