(අංජුල මහික වීරරත්න)
තේ නිෂ්පාදනයේ දී ප්‍රමිතිය බාල කරන කර්මාන්තශාලාවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස තේ කර්මාන්තකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියේ ය.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ තේ කර්මාන්තය හා සම්බන්ධ ආයතනවල නිලධාරීන් අතර ජනාධිපති කාර්‍යාලයේ දී පැවති සාකච්ඡාවක දී තේ කර්මාන්තකරුවෝ මෙම ඉල්ලීම කළහ.
මෙරට තේ කර්මාන්තය ආශ්‍රිතව මතු වී ඇති ගැටලු සම්බන්ධව මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණු අතර තේ දලුවල ගුණාත්මකභාවය සහ තේ වගාවේ ඵලදායීතාව ඉහළ නැංවීම, නව අන්තර්ජාතික වෙළෙඳපොළ අවස්ථා සෙවීම ආදී කරුණු පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි.