හිටපු නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු විත්තිකරුවන් 5 දෙනා ඇප මත මුදා හැරීමට මතුගම මහේස්ත්‍රාත්වරයා අද (16) නියෝග කළේය.
එක් අයකුට රුපියල් 100,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
අධිකරණ නියෝගයක් කඩ කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැතිවරයාට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.
කලුතර ප්‍රදේශයේ වතු යායක වතු හිමිකරුගේ විරෝධය නොතකා මළ සිරුරක් වළ දැමීමට ගොස් ඇති වූ සිද්ධියකදී පොලීසිය විසින් ගෙන තිබූ අධිකරණ නියෝගයක්ද නොතකා එම සිරුර වළ දැමීම සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල වී තිබේ.
නඩුව දෙසැම්බර් 10 වැනිදා යළි කැඳවීමට නියමිතය.
(ඡායාරූප - තුසිත කුමාර ද සිල්වා)




