
(යොහාන් භාසුර)
ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා හැකි ඉක්මනින් අදාළ පර්යන්ත සහ ඩිපෝ වෙත ළඟාවන ලෙස සියලුම ඛනිජ තෙල් බවුසර් හිමියන්ගෙන් ඛනිජ තෙල් සංස්ථාව ඉල්ලා සිටියි.
ඛනිජ තෙල් සංස්ථාවේ දුර්වල පරිපාලනය හේතුවෙන් රට තුළ කෘතිම ඉන්ධන හිඟයක් නිර්මාණය වී ඇති බවට ඛනිජ තෙල් බවුසර් හිමියන් සහ ඛනිජ තෙල් පිරවුම්හල් හිමියන් චෝදනා කරන පසුබිමක් තුළ ඛනිජ තෙල් සංස්ථාව මෙම ආරාධනය කරයි.

