තුර්කියේ භූමිකම්පාවකින් 21 ක් මියගොස් 1000 කට තුවාල


නැගෙණහිර තුර්කියේ සිදුවූ භූමිකම්පාවකින් 21 දෙනකු මියගොස් 1000 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. කඩා වැටුණු ගොඩනැඟිලි අතර තවත් සිරවී සිටින අය ඇත්ද යන්න සහන කණ්ඩායම් සොයමින් සිටිති.

නැගෙණහිර තුර්කියේ එලාසිග් ප්‍රදේශයේ සිදුවූ මෙම භූමි කම්පාව හේතුවෙන් සුන් බුන් අතර සිරවී සිටි පස් දෙනකු බේරාගත් බව තුර්කි රජයේ ව්‍යසන සහ හදිසි කළමණාකාර සේවා ආයතනය නිවේදනය කළේය. මෙම පස්දෙනාම ගැබිණි කාන්තාවන් බවත්, ඔවුන් බේරා ගන්නා විට භූමි කමිපාවෙන් පැය 12 කට වැඩි කාලයක් ගතවී තිබූ බවත් කියැවේ.
සිකුරාදා රාත්‍රියේ සිදුවූ මෙම භූමි කම්පාව හේතුවෙන් තවත් 30 දෙනකු පමණ අතුරුදන්ව ඇතැයි වාර්තාවේ.

“මම සෝෆාවේ ඉඳගෙන රූපවාහිනිය බලමින් හිටියේ. එක පාරටම මාව පොලොවට ඇදගෙන වැටුණා.... තාත්තා නිදාගෙන හිටියේ එයාවත් ඇහැරුණා...”

“දොරක් කඩලා අපි එළියට ගියා.. එතකොටයි අපි දැක්කේ අනෙක් නිවාසත් සේරම කඩා වැටිලා කියලා” යයි තමන් මුහුණ දුන් අත්දැකීම විස්තර කළේය.