තුන්පනේ හිටපු මන්ත්‍රීවරයෙක් කසිප්පු විකුණලා


(ෂේන් සෙනෙවිරත්න)

හතරලියද්ද තුන්පනේ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් (පොදු පෙරමුණ) කසිප්පු ස්ප්‍රීතු බෝතල් දෙකක් ද සමග හතරලියද්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා හතරලියද්ද පොලිස් වසමේ පොල්වත්ත ප්‍රදේශයේ ඔහුගේ නිවෙස ආසන්න ස්ථානයක නීති විරෝධී කසිප්පු අලෙවි කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම හිටපු මන්ත්‍රීවරයා නීති විරෝධී කසිප්පු අලෙවි කරන බවට පොලිසියට ලද තොරතුරකට අනුව ඔහු පොලිසියට කැඳවා එම කටයුත්තෙන් මිදෙන ලෙස‍ට මින් පෙර අවවාද කර තිබූ බව ද පැවැසේ.

එම අවවාද ද නොපිළි‍ගෙන හිටපු මන්ත්‍රීවරයා එසේ කසිප්පු අලෙවි කරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.

හතරලියද්ද පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන අතර සැකකරු අද (10) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව සිටී .