තිරිඟු පිටි වැඩි මිලට අලෙවි කළ 100 කට නඩු


මහින්ද නිශ්ශංක

තිරිඟුපිටි වැඩි මිලට අලෙවි කළ සිල්ලර වෙළෙදුන් 100 දෙනෙකුට විරුද්ධව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබේ.

පාලන මිලට වඩා වැඩිමිලට තිරිඟුපිටි අලෙවි කරන වෙළෙදුන් සොයා ඊයේ (8) පෙරේදා (7) දීප ව්‍යාප්තව සිදුකළ වෙළඳපොළ වැටලීමේ දී මෙම වෙළෙදුන් අල්ලා ගැනීමට හැකිවූ බව අධිකාරිය පැවසීය.

උපරිම සිල්ලර මිල රුපියල් 87 ක් වන තිරිඟු පිටි කිලෝව මෙම වෙළෙදුන් රුපියල් 90, 95 සහ 100 මිලට විකුණා තිබේ.