තියුණු ආයුධවලින් පිය-පුතුට පහරදුන් දෙකක් අල්ලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

අටුලුගම මාරාව ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධ රැගෙන කඩා වැදී   පිය පුතු දෙපළකට  පහර දී පලා ගොස් සිටි මැර පිරිසෙන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි

ආයුධවලින් පහර දීමෙන් පියාට බරපතල තුවාල සිදුවී ඇතැයි පොලිසිය කියයි.තුවාල ලද පිය පුතු දෙපළ පානදුර මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත

යතුරු  පැදි දෙකක් එකිනෙක ගැටී සිදු වූ සිද්ධියක් මුල්කරගෙන ඇති වූ  බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව  මෙම පහරදීම සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වි ඇත