
(රොමේෂ් මධුෂංක)
යාපනය චුන්නකම් පොලිස් වසමේ ඊවිනෙයි ප්‍රදේශයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී අපරාධයන් සඳහා යොදාගන්නා බවට සැකකෙරෙන තියුණු ආයුධ සමගින් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව යාපනය පොලිස්ට්ඨා කොට්ශඅපරාධ විමර්ශන අංශය පවසයි.
කොට්ඨාස අපරධ විමර්ශන අංශයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඊවිනෙයි ප්‍රදේශයේ පදිංචි විදෙස්ගත වූවෙකුගේ නිවසක් සෝදිසි කිරීමට පියවර ගෙන තිබුණි.
එහිදී නිවසේ සඟවාගෙන් තිබූ තියුණු කඩු 04 ක් කෙටෙරි වර්ගයේ තියුණු ආයුධ 03 ක්, ජැකට්ටු සහ මුහුණු අවරණය කරන ලද හෙල්මට් අදියද තිබී සොයාගෙන ඇති අතර නිවැසියද අත්අඩංගුවට ගනු ලැබීය.
එහිදී සිදුකරන ලද වැඩිදුර පරික්ෂණවලදී අදාල සැකකරු යාපනයේ ක්‍රියාත්මක ආයුධ කල්ලියක ප්‍රභලයෙකු බවට සැකපල කරන බවටත් මෑතකදී සිදුවූ ප්‍රචණ්ඩක්ක්‍රියා වෙනුවෙන් සැකකරුගේ සම්බන්ධයක් ඇති බවටත් පොලීය කියයි.

