(ජයන්ත සමරකෝන්)
මැතිවරණ කොමිසන් සභාවේ නිලධාරීන් ඇතුළු තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ සියලුම රජයේ සේවකයින්ට ඒ සඳහා හෙට (07) දිනය වෙන්කර ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.
ඉකුත් දින හතරක කාලය තුළ තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ සෑම රජයේ සේවකයෙකුටම තම සේවා ස්ථානය පිහිටි ප්‍රදේශයේ ඇති දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී හෙට (07) උදෑසන 7.00 සිට පස්වරු 4.00 දක්වා තැපැල් ඡන්දය භාවිතා කිරීමට පහසුකම් සලසා ඇතැයිද එම කොමිසම සඳහන් කරයි.
16 වැනිදාට යෙදී ඇති ජනාධිපතිවරණයට අදාලව ඉකුත් 31 හා 1 වැනිදා යන දිනයන්හි රජයේ සේවකයින්ට තැපැල් සලකුණු කිරීමට අවස්ථාව සලසා දී තිබුණි.
පොලිස් නිලධාරීන්ට හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන්ට ඉකුත් 4 වැනිදා තැපැල් සලකුණු කිරීමටද දින වෙන් කර තිබුණු බවද කොමිසම කියයි.
මෙවර තැපැල් ඡන්දය සඳහා ඡන්ද දායකයින් 659317 දෙනෙක් සුදුසුකම් ලබා සිටියහ.

