
(විනීතා එම් ගමගේ)
පවතින අවදානම්කාරි තත්වය සැලකිල්ලට ගෙන සතියක් තැපැල් කාර්යාල වසා දමා ඉදිරියේ ගන්නා පියවර පිළිබඳව සාකචිඡා කරන්නැයි තැපැල් වෘත්තිය සමිති තැපැල්පතිවරයාගෙන් ඉල්ලා සිටිති
ඉතා සීඝ්‍රයෙන් පැතිරෙන වසංගතය හමුවේ තැපැල් කාර්යාල සැළකිය යුතු ප්‍රමාණයක් මේ වනවිටත් වසා දමා ඇතැයි ද එවැනි තත්වයක් යටතේ සේවක පිරිස් කටයුතු කරන්නේ දැඩි අවදානමක් සහිතව යැයි ද ඔවුහු පෙන්වා දී තිබේ
මේ තත්ත්වය හමුවේ සේවා සැපයීමට ඉදිරිපත්වන සේවක කණ්ඩායම්වල සෞඛ්‍ය ආරක්ෂිත භාවය තබා ගැනීම සඳහා අවශ්‍ය උපකරණ මිල දී ගැනීම් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඔස්සේ කළ යුතු බැවින් ඒ සඳහා කාලයක් අවශ්‍ය වන බැවින් මෙම යෝජනාව තැපැල්පතිවරයා වෙත කළ බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එච් කේ කාරියවසසම් මහතා ලංකාදීපයට පැවැසීය

