තාප්පෙට යටවී නගර සභා සේවක මරුට


(සුමිත් පොතුපිටිය, සමන් කාරියවසම් සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

පානදුර නගර සභාවේ සේවකයකු අද (13) පස්වරුවේ නගර සභාවට අයත් තාප්පයකට යටවී මියගොස්   ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි .

මෙසේ මියගොස්  ඇත්තේ පානදුර වලපල ප්‍ර දේශයේ පදිංචි අජිත් කුමාර ද සිල්වා නමැති 48 හැව්රිදි  සිව්දරු පියෙකු බව පොලිසිය කියයි.

මියගොස් ඇති  තැනැත්තා පානදුර දුම්රිය නැවතුම්පොළ ආසන්නයේ පිහිටි නගර සභාවට අයත් කසල අංගනයේ තාප්පය  ආසන්නයේ පිරිසිදු කිරීම් කටයුතු වල නියැලී සිටීයදී තාප්පය ශරීරය මතට කඩාවැටී තිබේ.

අවට සිටී අය ඉන් මුදාගෙන පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර, එහිදී මියගොස් ඇති  බව රෝහල් ප්ර කාශකයෙක් පැවසීය.

ජ්යෙොෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස්  මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්රිියංකර මහතාගේ උපදෙස් පරිදි  පරීක්ෂණ පැවැත්වේ.