ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට මුවාවී ගෙනයන මර්දනයට එරෙහිව ජිනීවා යනවා


(යොහාන් භාසුර)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන ජනතා විරෝධය මර්දනය කිරීම සැප්තැම්බර් මස පැවැත්වෙන 51 වැනි ජිනීවා මානව හිමිකම් සමු`ඵවේදී ප්‍රධාන කරුණක් බවට පත්කිරීමට අවශ්‍ය කටයුතු කරන බවත් බේරෙ වැවට තල්ලු කරපු අය කවුද කියලා සෙව්ව ද මැයි 9 ගහපු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම බරපතල තත්වයක් බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා අද (23) පැවසීය.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සංවිධානයෙන් මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී ඊයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ස්ටාලින් මහතා එසේ පැවසීය.
වර්තමාන ජනතා නැගිටීම පාලන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත පාවිච්චි කරන බවත් ඒ තුළින් වික්‍රමසිංහ මහතාගේ දෙබිඩි පිළිවෙත ප්‍රදර්ශනය වන බවත් එම මාධ්‍ය හමුවේදී සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කීය.
මෙම මාධ්‍ය හමුවට පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව, සමාජවාදී තරුණ සංවිධානයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහ රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි ඇතුළු දේශපාලන සහ සිවිල් ක්‍රියාකාරීන් රැසක් සහභාගි වූහ.