තහනම් දැල් සමඟ ධීවරයින් තිදෙනකු අල්ලයි


(පද්මා කුමාරී කංකානම්ගේ )

කල්පිටිය කළපුවේ කන්දකුඩාව කල් කුඩාව යන ප්‍රදේශයන් ආශ්‍රිතව තහනම් දැලින් මසුන් අල්ලමින් සිටි ධීවරයින් තිදෙනෙකු ධීවර ආම්පන්න ද සමඟ, පුත්තලම විශේෂ කාර්‍ය බළකායේ නිළධාරීන්ගේ ද සහාය ඇතිව ධීවර කාර්‍යාලය මගින් ඊයේ (02)  අත් අඩංගුවට ගෙන ඇත.

නීති විරෝධී තංගුස් දැල් කට්ටල 30 ක්,කූඩු දැල් කට්ටල 20 ක් අත් අඩංගුවට ගෙන ඇති අතර දැල් ආම්පන්නවල වටිනාකම රුපියල් ලක්ෂ 30 ඉක්මවන බැව්,වැටලීම සිදු කළ නිළධාරීහූ කියති .

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍ර නායක මහතා පැවසුවේ, මෙම දැල් භාවිතය,සන්තකයේ තබා ගැනීම සපුරා තහනම් බව ය.

මෙම දැල් ආම්පන්න භාවිතයෙන් විශාල පරිසර හාණියක් සිදුවන බවත්, මත්ස්‍ය සංහාරයක් සිදු වන බවත් ය. අත් අඩංගුවට පත් සැකකරුවන් තිදෙනා කල්කුඩාව පදිංචි වයස අවුරුදු 35 ත් 50 ත් අතර අයවලුන් ය.