(නිමල් ජයරත්න )
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ මීන ගයා දුම්රියට කදුරුවෙල ගල්ලෑල්ල ප්‍රදේශයේදී අද(18 ) අලුයම වන අලියෙකු ගැටීමෙන් එම වන අලියා මියගොස් ඇති බව පොළොන්නරුව වනජීවී නිලධාරීන් පවසයි.
මියගිය වන අලියා අවුරුදු හතළිහක් පමණ වයසැති උඩ අඩි 8 ක් පමණ වයසැති වන අලියෙකු බව වනජීවී නිලධාරියෙකු සඳහන් කළේය.
වන අලියා දුම්රියේ ගැටීමෙන් පසු, වේදනාවෙන් කෑගසමින් නිවසක් අද්දරින් පොළොන්නරුව මඩකලළපුව ප්‍රධාන මාර්ගයට පැමිණ සුදු නෙළුම්ගම ගම්මානයේ දැන්වීම් පුවරුව අසලට පැමිණ වැටී මියගිය බව ඇසින් දුටු ප්‍රදේශවාසීන් සඳහන් කරති.