තවත් පනත් දෙකකට කතානායක සහතිකය


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සමථකරණයෙන් ඇතිවන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීම පනත් කෙටුම්පත සහ නොතාරිස් (සංශෝධන) පනත් කෙටුම්පත අද (31) සිට  බලාත්මක විය.

මෙම පනත් කෙටුම්පත  දෙකට කතානායක මහින්ද යාපා අබේවර්ධන  මහතා අද සිය සහතිකය සටහන් කළේය.

පනත් කෙටුම්පත් දෙක බලාත්මක වූයේ ඒ අනුවය.

ඒ අනුව,එම පනත් කෙටුම්පත් 2024 අංක 5 දරන සමථකරණය තුළින් ඇතිවන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීම පනත් කෙටුම්පත සහ  2024 අංක 6 දරන නොතාරිස් (සංශෝධන) පනත ලෙස බලාත්මකවේ.