තවත් තිදෙනෙක් සුවය ලබා පිටව යති


කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන්, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 3දෙනෙකු සුවය ලබා අද(26) පිටව ගිය බව වාර්තාවක් නිකුත් කරමින් වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 2819කි. මේ වනවිට 140ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.

සුවය ලබා පිටව ගිය එම පිරිස අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් එක් අයෙක්ද, ඉරණවිල රෝහලෙන් දෙදෙනෙක්ද වෙති.

අද උදෑසන 10.00 වනවිට රෝහල් ගතකර ඇති කොරෝනා බවට සැක රෝගීන් සංඛ්‍යාව 83කි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 2971ක් වන අතර 12දෙනෙකු මිය ගොසිනි.