තවත් ඖෂධ දෙකක් මෙරටදී නිපදවයි


(ළහිරු හර්ෂණ )

සුලභව භාවිතා කරන ඖෂධ වර්ග දෙකක් වන තයිරොක්සින් සහ ට්‍රැමඩොල් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ නිපදවා එළිදැක්වීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(06) දින රත්මලාන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේදී සිදු විය.

බැසිල් රාජපක්ෂ, ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යං චන්න ජයසුමන, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා , ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එකවිය.