මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරන අලුත් ආණ්ඩුවේ තවත් ඇමැතිවරු පිරිසක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීම ඇරැඹූහ.

දුමින්ද දිසානායක - වාරිමාර්ග, ජලසම්පත් හා අපදා කළමනාකරණ

දයාසිරි ජයසේකර - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය

පියසේන ගමගේ - තරුණ, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය

ලක්ෂ්මන් සෙනවිරත්න - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

මොහාන් ලාල් ග්‍රේරු - අධ්‍යාපන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

ශ්‍රියානි විජේවික්‍රම - පලාත් පාලන, පලාත් සභා හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය

එම් එල් ඒ එම් හිස්බුල්ලා - මහාමාර්ග හා අධිවේගී මාර්ග රාජ්‍ය අමාත්‍ය

අංගජන් රාමනාදන් -කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය

මනූෂ නානායක්කාර -කම්කරු නියෝජ්‍ය අමාත්‍ය

සාරතී දුෂ්මන්ත - නීතිය හා බන්ධනාගාර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

ඉන්දික බණ්ඩාරනායක - නිවාස හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

කාදර් මස්තාන් - නැවත පදිංචි කිරීමේ සහ පුනරුත්තාපන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය

නිශාන්ත මුතුහෙට්ටිගම - වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය

