තවත් 600කට ඊශ්‍රායල් රැකියා


(අංජුල මහික වීරරත්න)

ඊශ්‍රායලයේ රැකියා සඳහා ලාංකිකයින් 600ට අධික පිරිසකට රැකියා ගිවිසුම් මේ වන විට ලැබී තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.

ජූලි 14 වන දින දක්වා මෙම රැකියා වලට අදාල ගිවිසුම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පරිශ්‍රයේදී  අත්සන් කිරීමට නියමිත අතර, ඉන් අනතුරුව ඔවුන් දින තුනක පෙර විගමණික පුහුණුව සඳහා යොමුකර, එය අවසන්වීමෙන් පසු කඩිනමින්  ඊශ්‍රායලයේ රැකියා සදහා පිටත් කර හැරීමට කටයුතු යොදා තිබේ.

එසේම ඊශ්‍රායලයේ ආපනශාලා ක්ෂේත්‍රයේ රැකියා සදහා පිටත්ව ගිය පළමු කණ්ඩායම ලෙස රැකියාලාභීන් 90 දෙනෙකු ජූලි 6 හා 7  දෙදින ඊශ්‍රායලය බලා පිටත්ව ගියහ.

මේ අතර, ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාල රැකියා සදහා දින දෙකක් තුළදී තරුණයින් 99 දෙනෙකු යොමුකිරීමට කාර්යාංශය පියවර ගෙන තිබේ. 

ඊශ්‍රායල් රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලාංකිකයින් මෙම රැකියා සඳහා යොමුකරනු ලබයි.